දුම්රිය ධාවනයට තෙල් හිඟයක් නෑ…! ටොන් 37 000ක ඩීසල් නැවක් වරායේ…!

March 2, 2022 at 6:18 pm | by emanisa.lk

දුම්රිය ධාවනය සඳහා ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළොන්නාව නිමාවෙන් මේ දක්වා කිසිම අඩුවකින් තොරව ඉන්ධන තොග ලැබෙන බවයි.

ඉන්ධන හිගවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සීමා කිරීම් සිදුවන බවට පළවන යම් යම් ප්‍රකාශ අසත්‍ය බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම මේ වන තෙක් ඉන්ධන අඩුවීම නිසා කිසිදු දුම්රියක් අවලංගු වී නොමැති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර මෙරටට ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන පැමිණි නෞකාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *