ගෑස් භූමිතෙල් හිඟයෙන් වනාන්තරවලට සෙනසුරු ලබයි…! කපා මිටි බැඳ ලොරි පිටින් කොළඹට..!

November 28, 2021 at 6:39 am | by emanisa.lk

ගෘහස්ත ගෑස් මිල ඉහළ යෑම හා භූමිතෙල් හිඟ වීමත් සමග ප්‍රධාන නගර මෙන් ම තදාසන්න ජනාකීර්ණ ප්‍රදේශවල ද දරවලට ඇති ඉල්ලුම වැඩිවීම හේතුවෙන් දර සඳහා ගස් කැපීම ඉහළ ගොස් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඒ අනුව රක්ෂිතවල ඇති ගස් කපා දර ලෙස නගරවලට ප්‍රවාහනය කිරීම වැඩි වී තිබේ. අනුරාධපුරය, පුත්තලම, මොනරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට කොළඹට ව්‍යාපාරයක් ලෙස මහා මාර්ගයෙන් ලොරිවලින් දර ප්‍රවාහනය වැඩි වී තිබේ.

මෙතෙක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලෙවි වූ රබර්, කුරුඳු, ගිනිදර ආදී දර මිටියක මිල රුපියල් 30-50කින් වැඩි වී ඇත. ඒ වෙනුවට වීර, දඹ, පලු ආදී දර ද කොළඹට ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *