අවුරුදු කටේ පොල්තෙල් හිඟයක්….! ලංකාවේ පොල්තෙල් නිෂ්පාදන නවතී….!

April 2, 2021 at 7:38 am | by emanisa.lk

පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය රජය මාර්ගයෙන් එම කර්මාන්තකරුවාට ලබා දෙන තෙක් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇත.

පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද නැවත බහුජාතික සමාගම්වලින් මිල දී නොගැනීමටත් ඔවුන් තීරණය කර තිබේ.

කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද ආනයනය කිරීම රජය සතු බීසීසී ආයතනය මගින් සිදු කිරීමට ගෙන ඇති කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමත් ඔවුන් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට හේතුවක් වී ඇත.

රජය හරහා එම අමුද්‍රව්‍ය මිල දී ගෙන රටට අවශ්‍ය පොල්තල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ අසූදහසම නිෂ්පාදනය කිරීමට තමන් සූදානම් බවත් එතෙක් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත්වන බවත් එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික සිල්වා ප‍්‍රකාශ කර සිටියේය.

එම සංගමය කර්මාන්තකරුවන් 83 දෙනකුගෙන් යුක්ත වන බවද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *