දුම්රියේ වාර්ෂික ආදායම බිලියන 2.6යි…! සේවක අතිකාල විතරක් බිලියන 2.7යි…!

July 27, 2022 at 10:58 am | by emanisa.lk

මේ වසරට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් කෝටි 10කට වැඩි පාඩුවක් ලබන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය වියදම් වැඩිවුවද ඊට සාපේක්ෂව ආදායම් වැඩි නොවීමත් සමග දෙපාර්තමේන්තුවේ අලාභය විස්මිත ලෙස ඉහළ ගොස් ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

2021 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2.6ක් ලෙස වාර්තා වෙද්දී වසරේ දෙපාර්ත​මේන්තුව ලැබූ සමස්ත අලාභය රුපියල් බිලියන 34ක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 වසරේ දී රුපියල් බිලියන 07ක් ද 2021 වසරේ අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 2.7ක් වැය කර ඇති බව ද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම සඳහා දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ මෙම අලාභය අවම කර ගැනීමට බව පෙන්වා දුන් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ දුම්රිය ගාස්තු ඉහළ දැමුවද එය තවමත් බස් ගාස්තුවෙන් අඩක් පමණක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *