දීඝවාපි අරුණට බෞද්ධයා නාලිකාවෙන් මිලියන 50ක්…!

March 2, 2021 at 9:48 pm | by emanisa.lk

දීඝවාපිය අරුණ අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබී ය.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කර්තව්‍යය ලෙස දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කෙරේ.

ඒ සඳහා වන “දීඝවාපිය අරුණ” අරමුදල ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 වැනි දින ආරම්භ කෙරිණ. දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදිකෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 75කි.

සුදත් තෙන්නකෝන් මහතා ඒ සඳහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළේය. බෞද්ධයා නාලිකාව ඉතිරි රුපියල් මිලියන 50ක මුදල පරිත්‍යාග කර තිබේ.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, බලකායේ ලේකම් ජීවන්ති සේනානායක, දිලිත් ජයවීර, සුරනිමල සේනාරත්න, හර්ෂ අලස්, සුදත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *