පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ ම මෙයට පෙර 2015-2019 දක්වා එම නිවසේ සේවය කළ 22 හැවිරිදි ඩයගම තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ 44 හැවිරිදි සොහොයුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ෙ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ බව සඳහන් කරයි. මෙම තරුණියන් ද සපයා ඇත්තේ අත්අඩංගුවට ගත් තැරැව්කරු ය.