බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය දූෂණය කළ අපරාධකාරයින් අත්අඩංගුවට ගනු…! – හැටන්වල උද්ඝෝෂණ…

July 18, 2021 at 10:30 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයන්ට කඩිනමින් දඬුවම් ලබාදිය යුතු බව පවසමින් හැටන් නගරයේදී අද (18) විරෝධතාවක් පැවැත්විණි.

පිළිස්සුම් තුවාල සහිතව ජූලි 03 වැනිදා රෝහල්ගත කළත් ඉකුත් 15 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්විය. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ ඇය ලිංගික අපයෝජනයට ලක්ව බවය.

මාස නවකට පෙර එම දැරිය බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබුණේ ඇය පදංචිව සිටි ඩයගම ප්‍රදේශයේ තැරැව්කරුවෙකු මාර්ගයෙනි.

දැරියගේ දේහය ඩයගම පිහිටි ඇගේ නිවසට අද පෙරවරුවේ රැගෙන ආ අතර දැරිය අපයෝජනය කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද හැටන් නගරයේදී විරෝධතාවක් පැවැත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *