දස වසරක ශ්‍රී ලංකන් පාඩුව කෝටි 45 000යි….!

May 9, 2024 at 10:50 am | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේ දී (2014 -2024) රුපියල් මිලියන 458247ක් පාඩු ලබා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) සඳහන් කළේය.

විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයකට සපයන ලද පිළිතුරකින් මේ බව ප්‍රකාශ විණි.

ඒ අනුව එම සමාගම 2014-2015 කාලයේ දී රුපියල් මිලියන 16330 ක්ද 2015- 2016 කාලයේ දී රුපියල් මිලියන 12084ක මුදලක් ද 2016-2017 අතර කාලයේ දී රුපියල් මිලියන 28340ක් ද 2017-2018 කාලයේදී රුපියල් මිලියන 18585 ක මුදලක් ද 2018-2019 කාලයේදී රුපියල් මිලියන 41700 ක්ද 2019-2020 කාලයේදී රුපියල් මිලියන 44139ක්ද 2020-2021 කාලයේදී රුපියල් මිලියන 49705 ක්ද 2021 2022 කාලයේදී රුපියල් මිලියන 163583ක්ද 2022-2023 කාලයේදී රුපියල් මිලියන 71307ක්ද 2023-2024 කාලයේ දී රුපියල් මිලියන 12472ක් ද මෙසේ පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ ජනතාවට බරක් නොවීමට පියවර රැසක් ගෙන ඇතැයි ද අගමැතිවරයා කීය. විදේශ ගමන්/පුහුණු සීමා කිරීම, බඳවා ගැනීම් අත්‍යවශ්‍ය ඒවා සඳහා පමණක් සිමා කිරීම, අනවශ්‍ය ප්‍රසම්පාදන/මිලදී ගැනීම් සීමා කිරීම, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය වීම, වැටුප් සංශෝධන හා දීමනා ගෙවීම් අත්හිටුවීම් ආදී පියවර රැසක් ගෙන ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *