දසුන් ඕස්ට්‍රේලියානු සිහින බොඳ කරයි…! ලංකාවට විශිෂ්ට ජයක් ගෙනෙයි…!

June 12, 2022 at 6:25 am | by emanisa.lk

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දි කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී පන්දුවාර 19.5 පන්දු පහක් තුළ ලකුණු එකසිය හැත්තෑ හතක් ලබමින් එම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක දසුන් ශානක පන්දු 25කදී හයේ පහර 4ක් සමග ලකුණු 54ක් වාර්තා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *