දයා සජබයට ගැනීම මට ගැසූ කම්මුල් පහරක්..! එත් ප්‍රභා එක්කත් හැපුණු මං ඉවසනවා..! – ෆීල්ඩ් මාර්ෂල්…

February 6, 2024 at 3:01 pm | by emanisa.lk

ප්‍රභාකරන්, මහින්ද, ගෝඨාභය සමග හැපෙන්නට කොන්ද පණ තිබුණු තමන්ට ඕනෑම අලුත් අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇතැයි සමගි ජන බලවේග සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

සමගි ජන බලවේගයට හිටපු හමුදාපති දයා රත්නායක සම්බන්ධ කර ගැනීම පිළිබඳ විමසූ විට හෙතෙම මේ බව කීය.

දයා රත්නායක සමගි ජන බලවේගයට ගැනීම තමන්ට කම්මුල් පහරක් ගැසීම වැනි බවත් තමන්ට ඔහු සමග එකට වැඩකළ නොහැකි බව මුළු හමුදාව ම දන්නා බවත් ෆීල්ඩ් මාර්ෂල් සඳහන් කරයි.

අවසන් යුද සමයේ යාපනේ හමුදා කඳවුරක ආහාර බෙදීම භාරව සිටි දයා රත්නායක දූෂණයෙන් පිරි දේශපාලන කඳවුරක කටයුතු කළ අයකු බවට ද හෙතෙම චෝදනා කරයි.

සමගි ජන බලවේග සභාපතිවරයා ලෙස දයා රත්නායක පක්ෂයට ගැනීම ගැන තමා නොදැන සිටි බවත් තමන් ගැන බලාපොරොත්තුවෙන් සිටින පාක්ෂිකයින් නිසා පක්ෂය අතනොහැර ඉවසීමෙන් කටයුතු කරන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *