දයාසිරි නෙරපීමට විරෝධය පා හෙලිකොප්ටරෙන් මෛත්‍රීට ලිපියක්…!

September 8, 2023 at 5:30 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ.

ඒ, හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැති අවස්ථාවේ ය.

මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල, මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, වීරසුමන වීරසිංහ, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට ද මෙම රැස්වීමට ආරාධනා කර තිබූ අතර එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *