දයාසිරිට නැවතත් ශ්‍රීලනිපයේ ප්‍රබල තනතුරක්…!

March 31, 2024 at 10:33 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට නැවත එම පක්ෂයේ ප්‍රධාන තනතුරක් ලබා දීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති ධූරය භාර ගන්නා ලෙස පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට ආරාධනා කර තිබේ.

හිටපු මහ ලේකම්වරයා සිය නිවසට කැඳවා මෛත්‍රීපාල සිරිසේන මෙම ආරාධනය කර තිබේ. පක්ෂ සභාපතිවරයා විසින් ශ්‍රීලනිපයේ ප්‍රබල තනතුරු දැරූ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න එම තනතුරුවලින් නෙරපන අතර මෙය වාර්තා වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *