දඹුල්ල ආර්ථිකේ විවෘත වෙයි…! නීති කැඩූ කඩ 05ක් වසා දැමේ…! අනවසර කැන්ටිමත් වසයි…!

May 5, 2021 at 11:23 am | by emanisa.lk

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකල වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය අද 05 දින පියවර ගනු ලැබීය.

එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සහ ජනතාවට අවැසි එළවළු ලබා ගැනීම සඳහා රජය දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද  (05) දින අලුයම පහට විවෘත කෙරිණි.

ආර්ථික මධ්‍යස්ථානයට මෙදින අලුයම් කාලයේ එළවළු ගොවීන් විසින් තම අස්වැන්න රැගෙන විත් තිබුණු අතර දැඩි සෞඛ්‍යය නීති යටතේ මෙම පිරිස් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීම්ට පියවර ගනු ලැබිණි.

ඒ අනුව එක වෙළඳ සැලකට සේවකයන් හතර දෙනා බැගින් පිසිආර් පරීක්ෂණ සිදු කොට නිරෝගී පුද්ගලයන් පමණක් ඇතුළත් කර ගැනීම සිදුකරනු ලැබීය.

එම අවස්ථාවේදී ද බොහෝ සේවකයන් එක්රැස් වනවාත් සමඟ පොලිසිය පැමිණ එම පිරිස් මීටර් දෙකක දුර පරිමාවෙන් තබා ගන්නා ලෙස අවවාද කරනු දැකගතහැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ඉතා දැඩි පරික්ෂාවට ලක්වෙද්දී කණ්ඩායමක් සූක්ෂම ලෙස පරීක්ෂාවකින් තොරව ලබාදුන් සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් වෙළඳසැල් පහක් විවෘත කර වෙළදාම් කරන බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රජා සෞඛ්‍ය බලකායට මෙන්ම නාගරික වෛද්‍ය ප්‍රධානීවද්‍ය සිතාර විතානාච්චි ලැබුණු තොරතුරු මත පරීක්ෂාකොට වහාම ක්‍රියාත්මක වන පරිදි එම වෙළඳ සැල් වසා දමා එහි සේවකයන් ද ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීම්ට පියවර ගනු ලැබිණි.

එමෙන්ම කිසිදු දැනුම් දීමකින් තොරව විවෘත කොට තිබූ ආපනශාලාවක් ද එම අවස්ථාවේම වසා දැමීමට පියවර ගනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස