දංකොටුවේ සඟවා තිබු එදිරිසිංහලගේ පොල්තෙල් බවුසර දෙකේ ඇෆ්ලටොක්සීන්….!

April 8, 2021 at 9:33 pm | by emanisa.lk

දංකොටුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබිය දී අත්අඩංගුවට ගන්නා ලද පොල්තෙල් බවුසර දෙකෙහි ‘ඇෆ්ලටොක්සීන්’නැමැති පිළිකාකාරක අඩංගු වී ඇතැයි තහවුරු වී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම බවුසර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත බාරදුන් පසු එහි සාම්පල් ගෙන සිදුකළ විමර්ශනවල දී මේ ඒ බව අනාවරණය වූ බවයි.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ‘එදිරිසිංහ එඩිබල් ඔයිස්ල්’ සමාගමේ බවුසර දෙකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *