තෙල් හොරුන්ගේ වීඩියෝ ඡායාරූප ආණ්ඩුව ඉල්ලයි..! WhatsApp අංකය මෙන්න..!

July 30, 2022 at 8:27 pm | by emanisa.lk

නීති විරෝධී ඉන්ධන ගබඩා කිරීම, විකිණීම සහ ඊට අදාළ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි තමන් වෙත යොමු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.

අදාළ තොරතුරු 0742123123 අංකයට වට්ස්ඇප් කරන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.

මේ වන විට හඳුන්වා දී ඇති QR කේත ක්‍රමය ඉන්ධන බෙදා හැරීම ආශ්‍රිත අක්‍රමිකතා සඳහා තාවකාලිකව වැට බැඳෙන ඇතැයි ද අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

වාහන චැසි අංකය යටතේ ලියාපදිංචි විය නොහැකි වූ වාහන සඳහා එහි ආදායම් බලපත්‍රය යටතේ ලියාපදිංචි වීමේ අවස්ථාව හෙට සිට ලැබෙන අතර අගෝස්තු 01 වන දින සිට QR කේත ක්‍රමය අනිවාර්ය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *