තෙල් සංස්ථාවේ OT මාෆියාවක්…! නීති නොතකා වැටුපට වඩා OT..! 2022 මිලියන 179ක් ගෙවලා..!

February 6, 2023 at 11:56 am | by emanisa.lk

දිගින් දිගට ම පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධිත කොළොන්නාව තොග නිමාවේ සේවක පිරිසක් සිය මූලික වැටුප ද ඉක්මවා අතිකාල ලබා ගන්නා බව වාර්තා වෙයි.

සේවකයෙකුට සිය මූලික වැටුප ඉක්මවා අතීකාල ලබා ගත නොහැකි බවට රාජ්‍ය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමක මෙය සිදුවීම ද විශේෂත්වයකි.

මෙහි 2200ක සේවක පිරිසක් සිටින අතර 2022 වසරේ අතීකාල ලෙස රුපියල් මිලියන 179ක් ඔවුන්ට ගෙවා තිබේ.

2023 වසරේ අතීකාල සඳහා මිලියන 180ක් වෙන් කර ඇති අතර තෙල් නැව් ආවත් නැතත් මේ පිරිස සඳහා අතීකාල දීමනා ගෙවන බව ද එහි ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *