තෙල් ලීටරයකින් ආණ්ඩුවට රු. 150ක බද්දක්…!

September 3, 2023 at 12:05 pm | by emanisa.lk

තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

සෑම තෙල් ලීටරයකින්ම රුපියල් 150කට වඩා වැඩි මුදලක් බදු වශයෙන් ලබාගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර තෙල් මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවී ඇති මොහොතක සහ ඩොලරයේ වෙනසක් නැති මොහොතක මෙලෙස මිල ඉහළ දැමීම කිනම් මිල සූත්‍රයකට අනුව සිදුවන්නේද යන්න ප්‍රශ්නයක් බව චම්පික රණවක කීය.

විශේෂයෙන් පසුගිය මාසයේදී තෙල් සංස්ථාව බිලියන 60ක ලාභයක් ලබා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *