තෙල් පෝලිමේ ඡන්ද හිඟා කෑ ජවිපෙට බලු බැනුම්…!

March 6, 2022 at 9:05 am | by emanisa.lk

තෙල් හිඟය නිසා ඊයේ (05) දිනයේ ද බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම්වල ජනතාව සිටිනු දැකගත හැකි විය.

මේ අතර ඇහැළියගොඩ ප්‍රදේශයේ පිරවුම්හලක් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා රැඳී සිටි ජනතාව අතර පත්‍රිකා බෙදීමට ගිය ජනතා විමුක්ති පෙරමුණු සාමාජික පිරිසකට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

තමන් දැඩි අපහසුතා මැද තෙල් පෝලිමේ සිට ජවිපෙ ඡන්ද ඉල්ලා ගෙන පත්‍රිකා බෙදීමට පැමිණෙන බවට ඔවුහු චෝදනා කළහ.

“මේ වෙලාවේ ඕවා අරගෙන එන්න එපා දේශපාලනේ කරන එක බල්ලෙක්” යැයි ඔවුහු බැණ වැදුණහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *