වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල සඳහන් කරයි.
අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව ද හෙතෙම පැවසීය.
එම පාඩුව කොහෙන් හෝ පියවිය යුතු බවත් භාණ්ඩාගාරයෙන් මෙය සහනාධාරයක් ලෙස ලබා නොදෙන්නේ නම් අදාල පාඩු ලබන ගණන්වලින් ඉන්ධන මිල වැඩි කළ යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.