මේ වන විට ලොව පුරා බොහෝ රටවල භාණ්ඩ මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම සහ විරැකියා ඉහළ යාම දැකිය හැකිය.
කොවිඩ් වසංගත තත්ත්වය සමග බිඳ වැටුණු ලෝක ආර්ථිකය නැවත වතාවක් යථා තත්ත්වයට පත්වෙමින් පැවැතිය ද එහි පසු කම්පන නිසා හට ගත් ඉන්ධන සහ ගෑස් පෝලීම් බොහෝ රටවල සුලබ දසුන් බවට පත්ව ඇත.
ධනවත් රටවලට පමණක් නොව ඇමරිකාව වැනි තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවලට පවා ඉන් ගැලවුමක් නොමැත.
විදෙස් රටක එවැනි දිගු තෙල් පෝලීමක සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් පළ කරන ලද වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙයි.