තීරණාත්මක මොහොතේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවෙමි….! – බැසිල්ගෙන් ප්‍රතිඥාවක්….

July 7, 2021 at 2:41 pm | by emanisa.lk

මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා කොන්දේසි විරහිතව කැපවන බව රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුවට පැමිණීමට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත සිය ස්තූතිය පළ කරමින් ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

එහි දැක්වෙන්නේ, තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසාදෙමින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩට ද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කළ ජනපති අගමැති ප්‍රමුඛ සියලු පාර්ශ්ව වෙත ද තමා ස්තූතිවන්ත වන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *