තීන්දුවට පසුත් අධිකරණයට තග දැමූ රංජන් සැලෙයි..! දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා අධිකරණයට මෝසමක්…!

February 2, 2021 at 8:56 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා රාමනායක සිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබිණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස