තිස්සගේ දුවට ආණ්ඩුවෙන් තානාපති සේවයේ ඉහළ තනතුරක්…! සමගි ජනබලවේගය කැළඹෙයි….!

January 29, 2021 at 2:45 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායක ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් අනුමත කිරීමෙන් පසු විදේශ තාතාපති කාර්යාල සඳහා වන පත්කිරීම් මත මෙය සිදු කර තිබේ.

ප‍්‍රධාන විපක්‍ෂයේ ජාතික සංවිධායකගේ සහ ආණ්ඩුව අතර තිරය පිටුපස සම්බන්ධතාවක් ඇති බවට සහ තිස්ස අත්තනායක රාජපක්‍ෂවරුන්ගේ ඕනෑ එපාකම් මත සමගි ජන බලෙව්ගය විනාශ කරමින් සිටින බවට පසුගිය කාලයේ සමාජය පුරා හා පාර්ලිම්න්මේතුවේ ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් දක්වා තිබුණි.

2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂට සහය පළ කළ තිස්ස අත්තනායක ඉන්පසු නැවත සජිත් ප්‍රේමදාස සමඟ එකතු වන තුරු ගෝඨාභය රාජපක්ෂ සමීපව ඇසුරු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස