තිලීපන් සමරුවට ගිය TNA මන්ත්‍රීට ප්‍රහාරයක්…!

September 17, 2023 at 7:54 pm | by emanisa.lk

මීට වසර 36 කට පෙර උපවාසයකින් මියගිය බව කියන තිලිපන් නම් කොටි නායකයා නැමැත්තා සැමරීමට අද (17) තිරිකුණාමලය ඔස්සේ උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශවාසින් පහර දී ඇතැයි වාර්තා වෙයි.

තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගී ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට ද මග හරස් කල පිරිස් පහර දුන් අතර වෙනත් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන පළා ගොස් තිබේ.

අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට්වලින් පහර දී ඇති අතර මග හරස් කර විරෝධතාව දැක්වු පිරිස් අතර කාන්තාවන් ද සිටි ඇත. රථ පෙළට ගල් මුල් ප්‍රහාර එල්ල වු අතර අනතුරුව එම වාහන ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට පළා ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *