කන්න බැරි නම් දවසක් දෙකක් නොකා ඉන්න! අපරාධකාරයන්ට ඕන විදිහට නීතිය නමන්න බෑ! – ආරක්ෂක ලේකම්

September 13, 2020 at 6:05 am | by emanisa.lk

ආහාර වර්ජනය කිරීමෙන් ඉතිහාසයේ කිසිදු රැදවියෙකු මිය ගියේ නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

උපවාස කර මිය ගිය එක ම පුද්ගලයා කොටි සංවිධානයේ තිලීපන් බවත් ඔහු ද පිළිකා රෝගියෙකු නිසා ප්‍රභාකරන් මිය යන්නට ඉඩදුන් බවත් සඳහන් කළේය. සෙසු සියලු උපවාස දින 2-3කින් තැඹිලි වතුර වීදුරුවකින් නිමා වූ බව ද අවධාරණය කළේය.

මේ අනුව බූස්ස බන්ධනාගාරයේ ආරම්භ කර ඇති උපවාසයද කඩිනමින්ම නිමාවට පත් වනු ඇතැයි ඔහු කියා සිටියේයකන්න.

තමන් බැලීමට බන්ධනාගාරයට පැමිණෙන නීතීඥවරුන් පරික්ෂා නොකරන ලෙස ඉල්ලා ඇතැයි සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා බන්ධනාගාරයට තමා පැමිණිය ද පරික්ෂා කළ යුතු බව අවධාරණය කළේය.

බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් ඊයේ (12) හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *