තිලිණි ශැල්වින් පන්නෙට සාරිය නැතිව ආ ගුරුවරිය ‍එළවයි..!

February 19, 2024 at 9:26 am | by emanisa.lk

කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක සාරිය ඇඳ නොසිටි බව පවසමින් එම ස්ථානයෙන් පළවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මොඩියුල මධ්‍යස්ථානයේ ඊයේ (18) පැවැති ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා එම ගුරුවරිය පැමිණ තිබේ.

එහිදී සාරිය ඇඳ නොසිටි බව පවසමින් මොඩියුල මධ්‍යස්ථානයේ කළමනාකරු ගුරුවරියට එම ස්ථානයෙන් පිටවන ලෙස දන්වා ඇති අතර අනතුරුව ඒ සම්බන්ධයෙන් ගුරුවරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *