තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා දැමේ…! මුද්‍රිත පත්‍රිකා රහස්‍ය ලේඛන ගබඩාවට..!

February 20, 2023 at 7:05 pm | by emanisa.lk

දිස්ත්‍රික්ක 22 ට අදාළව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ පවසයි.

ඇය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇති අතර, මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාර දී ඇති බවයි.

යම් විදියකින් පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇත. මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *