තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි…!

February 14, 2023 at 4:40 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බව ද එම කොමිසම සඳහන් කරයි

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

එළඹෙන මාර්තු 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු නම් අදාළ දිනවල තැපැල් ඡන්දය පැවැත්විය යුතු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *