මේ වන විට රටේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිඟයක් පවතින බව වාර්තා වෙයි.
එම ප්‍රදේශවල ඉන්ධන හල් අසල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකි ය. මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හල්වලින් තෙල් නිකුත් කිරීම ද සීමා කර තිබේ.
ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව නිසා ජනතාව දැඩි අපහසුතාවට ලක්ව තිබේ. මිල ඉහළ නංවා හෝ ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.