තානාපතිලට රටට එරෙහිව කේලම් කියන්න එපා…! හැකි නම් රටට එක වැක්සින් එකක් ගෙනැත් දෙනු…! – සජිත්ට අභියෝගයක්…

April 30, 2021 at 9:22 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකි නම් විදෙස් තානාපතිවරුන් හමු වී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට එක කොවිඩ් එන්නතක් හෝ ගෙන්වා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අභියෝග කරයි.

“ජනතාව බේරාගන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් උපදෙස් ලබලා දීලා තිබෙනවා.

විපක්ෂ නායකතුමා අපි දැක්කා විදේශ තානාපතිවරුන් හමුවුණා. තානාපතිවරුන් හම්බුවෙන එක නම් හොඳයි, හැබැයි ගතු කේලම් කියන්න නෙවෙයි.

අපි විපක්ෂනායකතුමාට කියනවා එතුමාට පුළුවන්කමක් තියෙනවා නම් තානාපතිවරුන් හම්බුවෙලා මේ රටට එක වැක්සින් එකක් හරි ගෙන්නලා දෙන්න කටයුතු කරන්න.”

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව පැවසුවේ ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස