තාත්තා මයිනා වන බාප්පා කපුටා වන අයෙකුට සිංහයෙක් විය නොහැකි බවත් ඔහු නරියෙක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
එහෙත් නාමල් රාජපක්ෂ තමන් සිංහහයෙකු යැයි සිතා ගෙන තිස්ස කුට්ටිආරච්චි ලවා එය කියව ගන්නා බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ජංගිය පිටින් රටින් පළා ගිය අයෙකුට නැවත මේ රටේ ජනාධිපති විය නොහැකි බවත් එළඹෙන අප්‍රේල් මාසය වන විට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත් මරික්කාර් අවධාරණය කරයි.
සජබ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.