ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි.
එම සංවිධානයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එමානුවෙල් පියතුමන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ව්‍යාජ බිය සහ සැකය යන චෝදනාවට පදනම් වූ පනවා තිබූ තහනම ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවද හෙතෙම එම පණිවිඩ මගින් කියා සිටියි.
එක්ව රට ගොඩනැඟීමට සියලු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසද ඉල්ලා සිටින ඔහු වාර්ගික හා ආගමික වෙනස්කම් පිළිබඳව ලාංකිකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බව ද කියා සිටී.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෙම තහනම ඉවත් කිරීමේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවයි.
දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ශනය කර ගැනීමට හැකිවනු ඇති බවත් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.
I welcome recent lifting ban on some Tami diaspora organizations. Since the ban is based on many false fears suspicions & accusations, I wish all people of SriLanka, strive sincerely 2 know the truth from all sides, remote false fears/ suspicions & strive together 2 rebuild S.L.
— Prof.Dr.S.J.Emmanuel (@ProfSJEmmanuel) August 14, 2022