තව මසකින් අරජික ලංකාව බංකොලොත්…! සාගතයෙන් මැරෙන ගාණ දන්නේ දෙයියෝ විතරයි…!

December 17, 2021 at 5:51 am | by emanisa.lk

අද වන විට ශ්‍රී ලංකාව ඉතා ම අරාජික තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

එන වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවලට පැන යනු ඇති බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරක ම ආර්ථිකයන් ඇති රටවලින් දෙවන තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස