කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා පැනවු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන 6 වැනි දා සඳුදා අලුයම 4.00ටය.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය 20 වැනිදා රාත්‍රී 10:00 සිට පණවනු ලැබීය.