පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වැස්සට තෙමෙන බවත් ජල කරාම ලීක් වෙන බවත් ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් ඔහු පෙන්වා දෙයි. දුර බැහැර මන්ත්‍රීවරුන්ට තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ එ්මට සිදුව ඇති බව ද ඔහු පැවසීය.
එ් නිසා යම් සුඛෝපයෝගී වාහනයක් ඉල්ලූ බව ද පැවසූ මන්ත්‍රීවරයා වසරක් තිස්සේ දීමනා නොගෙන යම් කැපකිරීමක් මන්ත්‍රීවරුන් කළ බවත් සඳහන් කළේය.
තව දුරටත් කැපකිරීම් කළ නොහැකි බව ද ලැබෙන සොච්චම් වැටුපෙන් මහජන නියෝජිතයකුගේ සියලු කාර්යයන් කළ නොහැකි බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.