තවත් යහපාලන NGO මර උගුලක් ගලවා දමයි…! අන්තර් ආගමික සහජීවන කමිටු තහනම්…!

April 25, 2021 at 6:35 pm | by emanisa.lk

පොලිසිය ආරක්‍ෂක හමුදාව සහ රජයේ දිසාපතිවරුන්ගේ අවසරයකින් තොරව පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය නොවන සංවිධාන විසින් දිවයින පුරා පැවැත්වූ අන්තර් ආගමික සහජීවන කමිටු නමැති වැඩසටහන රජය විසින් තහනම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට ගත වූ සිව්වසර තුළ ඇමරිකානු යූඑස්ඒ්ඩ් සංවිධානයෙන් රුපියල් මිලියන 100කට වඩා වැඩි මුදලක් ලැබී ඇතැයි රජය සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

කිසිදු භික්‍ෂූන්වහන්සේ නමක් හෝ පූජකතුමකු සහභාගිකර නොගෙන මෙහෙයවා ඇති මේ අන්තර් ආගමික සහජීවන කමිටු විශාල ජාවාරමක් බව සනාථ වූ බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම අන්තර් ආගමික සහජීවන කමිටු නමැති වැඩපිළිවෙළ ගැන පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළිකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස