ණය ගෙවීම පැහැර හැරීමෙන් රට අමාරුවේ…! නැව් තැනීමේ කොන්ත්‍රාත්තුවක් අහිමි වෙයි..!

July 30, 2022 at 2:49 pm | by emanisa.lk

ලංකා රජය සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු නැව් තැනීමේ කොන්ත්‍රාත්තුවක් අහිමි වූ බව කොළඹ ඩොක්යාඩ් ආයතනය සදහන් කරයි.

කොළඹ ඩොක්යාඩ් ආයතනය ජපානයේ ඔනොමිචි තටාකාංගනයේ ඒකකයක් ලෙස කටයුතු කරයි.

නොර්වේ රජයෙන් ලබා දී තිබූ නෞකා දෙකක් තැනීමේ ගිවිසුම මෙලෙස අවලංගු කිරීමට පියවර ගෙන ඇත.‍ෙ

කෙසේවෙතත් නෝර්වේ කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබියදීත්, දැනට පවතින යුරෝපීය සහ ස්කැන්ඩිනේවියානු ගනුදෙනුකරුවන් සඳහා නැව් තැනීමේ ව්‍යාපෘති හතක් කිසිදු බාධාවකින් තොරව සිදුකරන බවද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *