ඩොලර් මිලියන දෙකහමාර ඕස්ට්‍රේලියාවෙන් ආපසු හරවා එවලා… අනතුරු ඇඟවීම් නොතකා මහා මොළකරුවන් ආයෙමත් ගෙවලා…!

April 27, 2026 at 2:13 pm | by emanisa.lk

මාලිමාණ්ඩුවේ හොරකම් සිදුවන්නේ නම් ඒ ජනාධිපති අනුර දිසානායක සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ අනුදැනුම යටතේ බව දිනන දකුණ ව්‍යාපාරයේ නායකත්ව මණ්ඩල සභික ශිරාල් ලක්තිලක පවසයි.

ඩොලර් මිලියන දෙකහමාරේ වංචාව අභ්‍යන්තර මහ මොළකරුවෙකු විසින් සිදුකළ බවට තමන්ට බොහෝ සාක්ෂි ඇතැයිද ඔහු අවධාරණය කරයි.

ශිරාල් ලක්තිලක අනාවරණය කළේ අදාළ ඊමේල් පණිවිඩය ලැබී ඇත්තේ ඒ වන විට ප්‍රසූත නිවාඩු ලබා සිටි මහා භාණ්ඩාගාරයේ නිලධාරිනයකගේ ලිපිනයට බවත් ඈ ප්‍රසූත නිවාඩු ලබා සිටින බව හොරා දැනගෙන සිටියේ කෙසේද යන්න ප්‍රශ්නසහගත බවත්ය.

මහා භාණ්ඩාගාරය අදාළ ඩොලර් ලක්ෂ දෙකහමාර මුල් අවස්ථාවේ යොමු කළ විට ඕස්ට්‍රේලියානු බැංකුව එම ගනුදෙනුව අවලංගු කර මුදල නැවත යොමුකර එය වංචා සහගත ගනුදෙනුවක් විය හැකි බවට මහ බැංකුවට අනතුරු අඟවා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර ප්‍රංශය සමග අත්සන් කළ ණය ගිවිසුමක තොරතුරු මහා භාණ්ඩාගාර පරිගණක පද්ධතියෙන් මැකී ගොස් ඇති බව අද වන විට හෙළිදරව් වී ඇති බවද ශිරාල් ලක්තිලක සඳහන් කරයි.

ඒ අනුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කිසියම් සංවිධිත පාර්ශ්වයක් තෙවන මුදල් කොල්ලයටද සූදානම්ව සිට ඇති බවත් වංචාවට දූෂණයට එරෙහිව විනිවිදභාවය වෙනුවෙන් ඡන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් මුදල් ඇමති සහ මුදල් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ශිරාල් ලක්තිලක මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස