ඩොලර් නෑ…නොරෙච්චෝලෙත් කැඩිල..! ඉල්ලුම සපුර ගන්න බෑ…! අදත් විදුලිය කැපෙයි…! – විදුලි සභාපති…

January 7, 2022 at 10:00 am | by emanisa.lk

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු පවසන්නේ, පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ද සිදුවිය හැකි බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමාවීම මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම විදුලි ඉල්ලුම සපුරාලීමට බාධාවන් වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ඊයේ රාත්‍රි 7ට පමණ කොළඹ, ගම්පහ සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට වරින්වර විදුලිය බිද වැටුණු අතර කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක් ඊට හේතුව බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතකාශ කරවි. කෙසෙු වුව ද පසුව ඊයේ රාත්‍රී 9.30 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් විය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස