ඩෙල්ටා සමඟ ලංකාවේ අනාගතය අඳුරේ….! ඉන්දියාවේ මෙන් බරපතළ තත්ත්වයක් අත ළඟ…! – ලෝක ප්‍රකට මහාචාර්යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්….

August 2, 2021 at 10:49 am | by emanisa.lk

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ම තත්ත්වය ඉදිරි මාස දෙකේ දී අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් අනතුරු ඇඟවීමක් කරයි.

නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ විශාල විනාශයක් සිදු කළ බවත් එළඹෙන සති කිහිපයේ දී එය ශ්‍රී ලංකාවේත් විශාල බලපෑමක් ඇති කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස මෙම අනතුරු ඇඟවීම නොකළහොත් තමාගේ වගකීම පැහැර හැරියා වන බව පැවසූ පීරිස් මෙම නව ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු බලපෑමක් කිරීමට එන්නත් මාත්‍රා දෙකම අවශ්‍ය වන බව ද පැවසුවේය.

එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම ගැන තම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතන බව ද ඔහු කීවේය.

මහාචාර්ය මලික් පීරිස් මෙසේ පැවසුවේ ජාතික විද්‍යා පදනමේ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *