ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් රට පුරා පැතිරෙයි….! තවත් ආසාදිතයින් 14ක් දිස්ත්‍රික් හතරකින්…!

July 3, 2021 at 8:19 pm | by emanisa.lk

වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මේ සැර කොරෝනා ආසාදිතයන් හමු වී ඇත්තේ කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය ,කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇත .

ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමේදීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී .

ඩෙල්ටා සැර කොරොනා ආසාදිත දස දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙරද සොයා ගනු ලැබූහ .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *