ඩ්‍රෝන මෙහෙයුමකින් කොළඹ රථ වාහන තදබදය 25%කින් අඩු කරයි…!

December 12, 2021 at 4:48 am | by emanisa.lk

කොළඹ නගරයේ උදෑසන සහ සවස් වරුවේ අධික රථ වාහන තදබදය මේ වන විට 25%කින් පමණ අඩු වි ඇති බව කොළඹ නාගරික රථ වාහන පොලිසිය පවසයි.

කොළඹ නගරයට රථවාහන ඇතුළු වන ප්‍රධාන මාර්ග 5 ම ආවරණය වන පරිදි ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා මඟින් රථ වාහන තදබදය නිරීක්ෂණය කරමින් කොළඹ නාගරික රථවාහන පොලිසිය හා ඒකාබද්ධව ආරම්භ කිරීමට කටයුතු කළ රථවාහන තදබදය මැඬලීමේ නියමු ව්‍යාපෘතිය ඔස්සේ මේ කටයුත්ත සාර්ථක කර ගන්නට හැකි වූ බව නාගරික රථවාහන පොලිසිය පෙන්වා දෙයි.

ඩ්‍රෝන යානා 9ක් මඟින් මේ නියමු ව්‍යාපෘතිය අරඹා ඇති අතර ඉදිරියේ දී එහි මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් කෙරෙනු ඇත. ඉදිරියේදී මේ ක්‍රමයෙන් රථ වාහන වැරැදි කරන රියැදුරන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම සම්බන්ධව ද පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *