ඩලස්ගේ නායකත්වයෙන් ප්‍රගතිශීලී ගමනක් ඉල්ලා රට විළිරුදාවෙන් පෙළෙනවා…! – මහාචාර්ය චන්න ජයසුමන..

August 21, 2022 at 11:55 am | by emanisa.lk

නව ප්‍රගතිශීලී ගමනක් ඉල්ලමින් රට විළි රුදාවෙන් පෙළෙන්නේ යැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එදා S.W.R.D. බණ්ඩානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ සමාජ වාතාවරණයට සමාන සමාජ වාතාවරණයක් මේ වන විට රට තුළ උද්ගතව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළ පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ගලේ පැහැරූ බළලුන් බවට පත්ව අසරණව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ඊයේ (20) අනුරාධපුර දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *