වහාම ඉල්ලා අස්වන්න…! පරිණතයෙකුට පුටුව දෙන්න..! – ඩලස් පිළෙන් ජනපතිට ලිපියක්…

July 9, 2022 at 3:00 pm | by emanisa.lk

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ වහා ම ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එහි බහුතරය දිනාගත හැකි පරිණත විශ්වසනීය නායකයෙකුට එම ජනාධිපති ධූරය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

තිස් වසරක යුද්ධය නිමා කිරීම සඳහා නායක්තවය ලබා දුන් මහින්ද රාජපක්ෂගේ ද එවක ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපතිවරයාගේ ද ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා එම ඉල්ලීම කරන බව ද එහි සඳහන් වෙයි.

ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, චරිත හේරත්, උදයන කිරිඳගොඩ, කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, උපුල් ගලප්පත්ති, වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල සාලිය එල්ලාවල, උදයකාන්ත ගුණතිලක, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ යන පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් මෙම ලිපියට අත්සන යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *