ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් සමඟ ඔලිම්පික් රන් පදක්කමක්…!

August 30, 2021 at 8:54 am | by emanisa.lk

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ලෝක වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30) සමත් විය.

එම ඉසව්වේ දෙවන උත්සාහයේ දී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79කි. එය නව ලෝක වාර්තාවකි.

එහි පළමු උත්සාහයේ දී ම සිය පෞද්ගලික හොඳ ම දක්ෂතාව වාර්තා කිරීම ද විශේෂත්වයකි. එහි දී මීටර 62.58ක දුරක් හෙල්ල විසිකිරීමට ඔහු සමත් විය.

දිනේෂ් ප්‍රියන්ත කොටි ත්‍රස්තවාදය පරජය කිරීමට පෙරමුණ ගත් රණවිරුවෙකු වන අතර ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එකම සහ පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇත. එසේ ම මෙය ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් උලෙළක දිනා ගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා පොත් අතරට එක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *