මන්ත්‍රීකම් මුදලට වෙන්දේසි වෙනවා…! NGO හයියෙන් ඔලිම්පික් ගිය මන්ත්‍රීවරුන්ට දඬුවම් දිය යුතුතයි..!- කිරිඇල්ල…

July 28, 2021 at 1:06 pm | by emanisa.lk

ජපානයේ ඔලිම්පික් උලෙළ නැරඹීමට මන්ත්‍රී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ගිය රාජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බව සමගි ජන බලවේගය පවසයි.

අවුරුදු කිහිපයකට පෙර හඳුන්වා දුන් මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමට එරෙහිව ක්‍රියා මාර්ග ගතහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එම මන්ත්‍රී ආචාර ධර්ම අනුව කිසියම් මන්ත්‍රීවරයෙකු පෞද්ගලික අංශය ඇතුළු කිසියම් තෙවන පාර්ශ්වයකින් යම් වරප්‍රසාදයක් ලබා ගන්නේ නම් එ් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

සිය මන්ත්‍රී ධූරය මුල්‍ය වරප්‍රසාද වෙනුවෙන් වෙන්දේසි කිරීමට සූදානම් මන්ත්‍රීවරුන් සිටින නිසා ආණ්ඩුව එම තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගතයුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *