රට තුළ පවතින විදේශ මුදල් සංචිත ගැටලු නිසා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනය සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව කාන්තා සහ පිරිමි හා ළමා නිමි ඇඳුම්, නාන කාමර උපකරණ, ශීතකරණ, ටොයිලට් පේපර්ස්, දුරකථන සහ උපාංග,දැව කර්මාන්තය සඳහා භාවිත කරන යන්ත්‍ර, ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන බැකෝ යන්ත්‍ර ආදිය මෙලෙස ආනයනයට යළි අනුමැතිය ලබා දී තිබේ.
මෙම භාණ්ඩ ආනයනය සීමා කළේ රටේ පවතින විදේශ සංචිත හිඟය සැලකිල්ලට ගනිමිනි.