ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා මහනාහිමිරුන්ගෙන් ලිපියක්…!

May 20, 2024 at 5:22 pm | by emanisa.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එළඹෙන වෙසක් පොහෝ දින නිමිත්තෙන් ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

2024 මාර්තු 28 වැනිදා ,පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගිය ඇති වන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණි.

ඥානසාර හිමි පසුගිය සමයේ මේ රටේ ඇතැම් අන්තවාදී කණ්ඩායම් ගෙන ගිය ව්‍යවසනකාරී වැඩපිළිවෙළ සමාජයට අනාවරණය කොට විය හැකිව තිබූ විශාල විනාශයන් වළක්වා ජාතික සමගිය සඳහා කටයුතු කළ බව ද මහනාහිමිවරුන් එම ලිපිය මගින් සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *