ඥානසාර හිමිගේ සාක්ෂිය පටිගත කළ උලමාට සහ නීතිඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු! – ජනාධිපති කොමිසමේ සභාපතිගෙන් නියෝග…

September 10, 2020 at 4:34 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ දිනයේදී සාක්ෂි ලබා දෙන අවස්ථාව සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ලේකම්වරයකු පටිගතකිරිමේ සිද්ධියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

වීඩියෝ ගත කිරීමේ ජංගම දුරකථනය ගෙනදුන් නීතීඥවරයාට ද අභියාචනාධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ ලේකම්වරයාට නියෝග කළේය.

එමෙන්ම මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විනය කමිටුව මගින් ද සුදුසු ක්‍රියාමාර්ග ගන්න ලෙස සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට වැඩිදුරටත් නියෝග කොට ඇත.

කොමිසමේ රැඳී සිටින නීතීඥවරුන්ට නීත්‍යානුකූල ලෙස කටයුතු කරන ලෙස මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා අවවාද කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස