ජුනි මස කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 12% දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එය පසුගිය මැයි මාසය සඳහා 25.2 % ලෙස වාර්තා විය.
ජුනි මස ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 4.1 % දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර එය මැයි මස වාර්තා වුයේ 21.5 %ක් ලෙසය.
එමෙන්ම, ජුනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 16.2 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 මැයි මාසයේ දී 27.0 % ලෙස වාර්තා විය.